Thursday, March 13, 2014
Monday, February 24, 2014
දිවිනැගුම කෘෂිකර්මාන්ත
දිවිනැගුම සංවර්ධන වැඩසටහන යටතේ කොට්ඨාශයේ සෑම පවුලකම ගෙවතු සංවර්ධනය කිරීම තුළින් ඔවුන්ගේ ජන ජීවිතය ඉහළ නැංවීම දිවිනැගුම කෘෂිකර්මාන්ත අංශයේ ප්‍රධාන ඉලක්කය බවට පත්ව ඇත.
ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතේ කොට්ඨාශයේ ග්‍රාම නිළධාරී වසම් සඳහා අනියුක්ත සංවර්ධන නිළධාරීන් හරහා ලබාගන්නා තොරතුරු පදනම් කර ගනිමින් ඒ ඒ දේශගුණික කළාප හදුනාගනිමින් හා ප්‍රතිලාභීන්ගේ අවශයතා හදුනාගනිමින් ඒවාට සරිලන අන්දමේ බෝග වර්ග හා ප්‍රමාණයන් ලබාදීමට කටයුතු සම්පාදනය කර ඇත.
Monday, February 17, 2014
බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රීක්කයේ කෑගල්ල නගරයට නිරිත
දිශාවෙන් බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පිහිටා ඇත. උතුරු දිශාවෙන්
ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන්ද, නැගෙනහිර දිශාවෙන් මහනුවර දිස්ත්‍රීක්කයේ
ගග ඉහළ කෝරළයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන්ද, දකුණු දිශාවෙන් යටියන්තොට ප්‍රාදේශීය
ලේකම් කොට්ඨාශයෙන්ද, බටහිර දිශාවෙන් රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන්ද
සීමා වී ඇත.
1998 වර්ෂයේ පරිපාලනය විමධ්‍යගත කිරීම යටතේ 1998.12.18
දින බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පිහිටුවන ලදී. මේ සඳහා යටියන්තොට ප්‍රාදේශීය
ලේකම් කාට්ඨාශයේ ග්‍රාම නිළධාරී වසම් 27ක් ද, ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ
ග්‍රාම නිළධාරී වසම් 7ක් ද එක් වී ඇත. ඒ අනුව බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම්
කොට්ඨාශය ග්‍රාම නිළධාරී වසම් 27කින් සමන්විත වන අතර එයට ගම් 104ක් ඇතුලත්ව ඇත.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මුළු බිම් ප්‍රමාණය
හෙක්ටයාර් 12420.5කි. එනම් වර්ග කිලෝමීටර් 124.205කි. කෑගල්ල දිස්ත්‍රීක්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 11 අතුරින්
බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය විශාලත්වයෙන් අටවන ස්ථානය හිමිකර ගනී.
මෑත කාලීන ඉතිහාසය අනුව මහනුවර යුගයේදී රජ වාසලට බුලත්
සපයා ඇත්තේ මෙම ප්‍රදේශයෙන් බවත් ඒ අනුව බුලත් වගා කළ ප්‍රදේශය බුලත්කොහුපිටිය
නමින් ව්‍යවහාර වූ බව ජනප්රවාදයේ සහන් වේ.
භූ විෂමතාව අතින් බලන විට කොට්ඨාශයේ බොහොමයක් කඳුකර
ලක්ෂණ පෙන්නුම් කරයි. ඊශාන දිශාවේ සිට නැගෙනහිර දෙසට විශාල කඳුවැටි ලක්ෂණ දැකිය
හැකි අතර අනෙකුත් ප්‍රදේශවල තැනින් තැන කඳුගැට සහිත උස් බිම් දැකිය හැකිය. උපරිම
උන්නතාංශය පැළැම්පිටිය වන අතර එය අඩි 4000ක් පමණ වේ. අවම උස පූනැහැල ප්‍රදේශය වන
අතර එය අඩි 146ක් පමණ වේ. ප්‍රදේශය සාමාන්‍ය වශයෙන් බෑවුම් ලක්ෂණ දැකිය හැකිය. රතු
කහ පොඩිසෝලික් වර්ණ සහිත උප පස ප්‍රදේශයේ බටහිර හා නැගෙනහිර ප්‍රදේශවලත් ව්‍යාප්තව
ඇත. ප්‍රදේශයේ ප්‍රධාන ජල වහන පද්ධැතිය ලෙස රිටිගහ ඔය ප්‍රධාන භූ විෂමතා ලක්ෂණය වන
අතර එයට සම්බන්ධ ශාඛිය ජලවහන පද්ධැතියක්ද
ඇත. ප්‍රදේශයේ සාමාන්‍ය වර්ෂාපතනය මි.ලි.80ක් පමණ බව වර්ෂාපතන දත්ත අනුව පැහැදිලි
වේ.
බුලත්කොහුපිටිය කොට්ඨාශයේ ආර්ථික ක්‍රියාවලිය දෙස බලන
විට කෘෂි කාර්මික ආර්ථික ක්‍රමයක් දැකිය හැකිය. කොට්ඨාශයේ පවුල්වලින් 1/3ක් පමණ තේ
වගාව ආශ්‍රිතව තම ජීවනෝපාය සකස් කරගෙන ඇති අතර එම නිසාම ඔවුන් ඉහළ ආධායමකට හිමිකම්
කියයි.
2011දී “ඉසුරුමත් නිවහනක් අසිරිමත් මවුබිමක්” යන්න
තේමාකරගනිමින් ආරම්භ කරන ලද දිවිනැගුම
ජාතික සංවර්ධන වැඩසටහන මේ වන විට කොට්ඨාශයේ මුළු පවුල් ඒකක 12655 කට සෙත සළසමින් ක්‍රියාත්මක
වෙමින් පවතී. කෘෂි කර්මාන්ත, කර්මාන්ත, සත්වපාලන යන අංශයන්ගෙන් මේ වන විට කොට්ඨාශය
තුළ නව පිබිදීමක් දක්නට ඇත.
Subscribe to:
Posts (Atom)